ඒත් එහෙම කීවාට තේරුණේ නැතුව ඇති. හැබැයි උදාහරණයක් කීවොත් හොඳටම තේරේවි.
ඒක නිසා අපි උදාහරණයක් බලලම පාඩම කරමු.
අපි දන්න කියන එකක් උදාහරණයට ගමු. පහුගිය පාඩමෙත් ඉගෙන ගත්තා "දිග" කියන මූලික භෞතික රාශිය මනින්නෙ "මීටරය" කියන ඒකකයෙන් කියල. ඒකෙ සංකේතය m බවත් අපි දන්නවා. මේ සංකේතයේ මුලට අපි c අකුර දැම්මොත් අපි හොඳටම දන්න cm නැත්නම් සෙන්ටිමීටරය කියන ඒකකය ලැබෙනවා. ඔය සෙන්ටි(c) කියන පදයට අපි කියන්නෙ උපගුණාකාරයක් කියලා.
දැන් තේරෙනවා ඇති අපි මොනවා ගැනද කතා කරන්න යන්නෙ කියලා.
හරි ඇත්තටම අපිට උපගුණාකාර වගේම ගුණාකාර ගැනත් ඉගෙන ගන්න තියෙනවා. උපගුණාකාර හා ගුණාකාර අතර වෙනස අඳුරගන්නත් අපි සරල උදාහරණයක් බලමු.
මේකටත් දන්න කියන උදාහරණයක්ම ගමුකෝ. සෙන්ටිමීටරය හා කිලෝමීටරය කියන ඒකක දෙක සලකමුකෝ. කලිනුත් කීවා සෙන්ටි(c) කියන්නෙ උපගුණාකාරයක් කියලා. හැබැයි කිලෝ(k) කියන්නෙ ගුණාකාරයක්. සමහර විට දැන් ඕගොල්ලොන්ට උපගුණාකාර හා ගුණාකාර අතර වෙනස තේරෙනවා ඇති. එහෙම තේරුණේ නැත්තම් මේකයි වෙනස, උපගුණාකාර වලින් අගය අඩුවීමකුත් ගුණාකාර වලින් අගය වැඩිවීමකුත් වෙනවා.අපි දන්නවා නේ මීටරය කියන ඒකකයට වඩා සෙන්ටිමීටරය කියන ඒකකය කුඩා බව. ඒ කියන්නෙ සෙන්ටි කියන උපගුණාකාරය නිසා මීටරය කියන ඒකකයේ අගය අඩුවෙලා. අනික් උදාහරණය බැලුවොත් කිලෝ කියන ගුණාකාරය නිසා මීටරය කියන ඒකකයේ අගය වැඩි වෙලා.
දැන් තේරෙනවා නේ!
ඉතිං අපිට ඕන කරන උපගුණාකාර හා ගුණාකාර පහළ දක්වලා තියෙනවා. මේ ටික මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. වැඩිය අමාරු වෙන්නෙ නෑ මේවා නිතරම භාවිතා කරනවා නම්.
Multiple කීවෙ ගුණාකාරය කියන එක, Sub-multiple කීවෙ උපගුණාකාරය කියන එක.
ඔය දහයේ බල විදියට පෙන්නල තියෙන්නෙ අගය වැඩිවෙන හෝ අඩුවන ප්‍රමාණය, ඒක මෙහෙම තේරුම් ගන්න.
උදාහරණ 1:- 1000 m = 1 km -------------> (103 = kilo)
උදාහරණ 2:- 1 m = 100 cm
10-2 m = 1 cm ---------------> (10-2 = centi)
තාම අපහැදිලි වගේ නම් පොඩ්ඩක් ඉවසන්න. ඊලඟ පාඩමේදි ඔය දහයෙ බල කතන්දරේ හොඳටම තේරේවි.
No comments:
Post a Comment