හරි අපි ආයෙ හමු වුණා.....අදත් තියෙන්නෙ ඕන කරන ගණිතය ඩිංගිත්තක්, හැබැයි අර මුල් ටික වගේම මාරම ලේසි......
වැඩි කතා ඕන නෑ... අපි පටන් ගමු.
1) දැන් තව පොඩි ත්‍රිකෝණමිතික දැනුම ටිකක් තමා ඉගෙන ගන්න තියෙන්නෙ, මාරම ලේසි...
A යනු සුළු කෝණයක් විට,
sin (90+A) = + cos A sin -------------> cos
cos (90+A) = - sin A cos -------------> sin
tan (90+A) = - cot A tan -------------> cot
sin (180-A) = + sin A sin -------------> sin
cos (180-A) = - cos A cos -------------> cos
tan (180-A) = - tan A tan -------------> tan
මේකත් පොඩ්ඩක් මතක තියා ගන්න වෙනවා. මුල් පාඩමේ කියැවිච්ච දෙයක් මෙතන යෙදිලා තියන බව පේනවා ද? A කියන්නෙ සුළු කෝණයක් නිසා 90+A හා 180-A කියන්නෙ දෙවන වෘත පාදෙට අයත් කෝණයන් වෙනවා, ඒ නිසා ඒවායේ sin,cos,tan අගයන් පිලිවෙලින් +,-,- වෙනවා. මුල් පාඩමේ කියවුණු වෘත පාද කියන ඒවා යෙදෙන්නෙ ඔන්න ඔහොමයි. ලේසිනේ.......
තව පොඩි දෙයක් තියනවා. ඕගොල්ලොන්ට පේනවා ඇති අංශක 90 එක්ක සුළු කෝණ සම්බන්ධ වෙලා 90+A හා 90-A වගේ කෝණ හැදුනාම ඒවායේ sin, cos , tan අගයන් cos, sin, cot ලෙස වෙනස් වන බවත්, අංශක 180 සමඟ සම්බන්ධ වූ විට එසේ නොවන බවත්....උඩ ප්‍රකාශන බලා එය වටහා ගන්න.
ඔය ත්‍රිකෝණමිතික දැනුමට අමතරව තව සයින් සූත්‍රය වගේ පොඩි දේවල් ටිකක් තියනවා. ඒවා ඉස්සරහට ඉගෙන ගමු.
දැනට මේ ඇති.
ඊළඟ පාඩමෙන් අපි PHYSICS පටන් ගමු.
No comments:
Post a Comment