Friday, January 4, 2013

01 ඒකකය - මිනුම්

ඔන්න අපි පළවෙනි පාඩම ප‍ටන් ගත්තා.
ඒක හරිම ලේසි. පාඩමේ නම මිනුම් .

ඉතිං මොනවද අපි මනින්නෙ? සාමාන්‍ය ජීවිතේදි අපි මොනවද මනින්නෙ? ගොඩක් දේවල් අපි මනිනව නේද? අපේ ස්කන්ධය , වැඩක් කරන්න අපිට ගතවෙච්ච කාලය , දොරක ජනේලෙක දිග ඔය වගේ තව ගොඩක් දේවල් අපිට මනින්න පුළුවන්.

මේවා අපි ඍජුවම මනිනවා. තරාදියකින් හරි ඔරලෝසුවකින් හරි මීටර් කෝදුවකින් හරි කෙලින්ම මනිනවා. හැබැයි සමහර දේවල් තියනවා මේවගේ ඍජුව මැනපු මිනුම් කීපයක උදව්වෙන් මැන ගන්න ඒවා. උදාහරණයක් විදියට වර්ගඵලය , දිගයි පළලයි කියන මිනුම් දෙක මැනලා  එකිනෙක ගුණකරල තමයි ඒක හොයන්නෙ. එතකොට අපි කියන්නෙ වක්‍රව මැන්නා කියල.

හොඳයි එතකොට ඔය අපි මැනපු ස්කන්ධය, කාලය, දිග, වර්ගඵලය වගේ ඒවට කියන්නෙ රාශි කියලා.
නිවැරදිවම කීවොත්,
         රාශියක් යනු ඍජුව හෝ වක්‍රව මිනුම් කළ හැකි ඕනම දෙයකි.

රාශිත් තියනවා වර්ග දෙකක්. මූලික රාශි හා ව්‍යුත්පන්න රාශි කියලා. දිග, කාලය, ස්කන්ධය වගේ ඒවාට කියන්නෙ මූලික රාශි කියලා. එතකොට ‍‍වර්ගඵලය, පරිමාව ‍වගේ මූලික රාශි වලින් හදල ගන්න (ව්‍යුත්පන්න කරගන්න) ඒවා ව්‍යුත්පන්න රාශි කියලා කියනවා.

ඒවගේම යම්කිසි රාශියක් මැන ගන්න ඒකකයක් තියෙන්න ඕන බව ඕගොල්ලො දන්නවා නේ? ඒකකයක් කියලා කියන්නෙ යම් රාශියක් මැනීම සඳහා සම්මත කරගන්නා ලද නිශ්චිත ප්‍රමාණයක්.

අපේ ස්කන්ධය කිලෝග්‍රෑම් කියන අපි හැමෝම දන්න ඒකකයෙන් මනින කොට කරන්නෙ අපේ ස්කන්ධය සම්මත කරගත්තු කිලෝග්‍රෑම් කියන ඒකකය වගේ කොපමණ ප්‍රමාණයක්ද කියන එක හොයන එකනේ!

කිලෝග්‍රෑම් 1ක් කියන එක මෙන්න මෙච්චර ස්කන්ධ ප්‍රමාණයක් , තත්පර 1ක් කියන්නෙ මෙච්චර කාලයක් ආදි වශයෙන් ලෝකෙම පිළිගත්තු ඒකක ක්‍රමයක් තියෙනවා.ඒ ඒකක ක්‍රමයට කියන්නෙ SI ඒකක ක්‍රමය කියලා.

අපි භෞතික විද්‍යාවෙදි ගණන් හදන කොට පාවිච්චි කරන්න ඕන SI ඒකක ක්‍රමය තමා. ඇත්තටම භෞතික විද්‍යාව ඉගෙන ගන්න කොට අපිට කටයුතු කරන්න වෙන්නෙ භෞතික රාශි එක්ක.

ඉතිං භෞතික විද්‍යාවෙදි අපිට මූලික භෞතික රාශි 7ක් ගැන දැන ගන්න වෙනවා. ඊට අමතරව පාඩමෙන් පාඩම ඉදිරියට යන කොට අපිට ඒ මූලික රාශි 7න් හැදුණු ව්‍යුත්පන්න භෞතික රාශි ගැනත් දැන ගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම මාරම ලේසියි......

මූලික භෞතික රාශි 7ක් තියන නිසා මූලික ඒකක 7ක් තියෙනවා ඒවා මනින්න. ව්‍යුත්පන්න භෞතික රාශි වල ඒකක ඔය මූලික ඒකක 7න් තමා හැදිල තියෙන්නෙ.

 මේ වගුවේ අන්තිමට තියෙන රාශි දෙක කෝණ මැනීම සඳහා භාවිතා වන ඒවාය.(අංශක කලා වගේ,තව ඉස්සරහට ගිහින් රේඩියන් ගැන ඉගෙන ගමු)
 ව්‍යුත්පන්න රාශි හා ඒකක සඳහා ද උදාහරණ බලමු.


මේ වගුවට අනුව ව්‍යුත්පන්න රාශිවල ඒකක වලට පහසු නම් තියන බව තේරුම් ගන්න. ( නිව්ටන් , පැස්කල් වගේ )

ඊළඟ ලිපියෙන් මිනුම් පාඩමේ තවත් කොටසක් දැනගමු.

5 comments:

  1. I dont know who you are.but this lesson is so helpful for beginners.i also understood this easily.thankyou.can you please post the other lessons also.

    ReplyDelete
  2. Please post the other lessons also

    ReplyDelete